මෝටර් රථවල පෙට්‍රල් බට කපා පෙට්‍රල් හොරකම් කරලා

මීරිගම පස්යාල පාරේ මල්ලැහැව හන්දිය ආසන්නයේ නිවාස දෙකක් තුළ නතර කර තිබූ කාර් රථ දෙකක පෙට්‍රල් බට කපා පෙට්‍රල් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එම කාර්ථවල පෙට්‍රල් බට තියුණු ආයුධයකින් කපා පෙට්‍රල් සොරකම් කර ඇති බවත් එම කාර්ථවල පෙට්‍රල් ටැංකිවල පෙට්‍රල් ලීටර 50 කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ යැයි රථ හිමියන් පවසන බවත් පොලිසිය පවසයි. 

ලංකාදීප

Werzuo Digital

Leave a Reply