ගාල්ල කටුගොඩ වෙළෙඳ සැලක ගින්නක් (VIDEO)

ගාල්ල දෙවට නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වෙළඳසලක විදුලි ජනක යන්ත්‍රයක ඇතිවු දෝෂයක් හේතුවෙන් අද (24) රාත්‍රි ගින්නක් හටගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි.

වෙලඳ සලේ පිටුපස කාමරයක විදුලි ජනක යන්ත්‍රය සවිකර තිබි ඇති අතර එය ගිනි ගන්නා දුටු අසල්වාසින් විසින් ඒ බව වෙළඳ සල් හිමියාට දැන්විමෙන් පසු ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමිමට කටයුතු කරමින් සිටිය දී ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ ගිනි නිවන රථ 02 ක් පැමිණ ගින්න වෙනත් වෙළඳසල් වලට පැතිරයාම වැළැක්විමට පියවර ගන්නා ලදී.

ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති අතර වෙළඳ සලේ භාණ්ඩ ගබඩා කර තිබු ස්ථානයට සහ ජෙනරේටරයට හානි සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply