නිරිත දිග මෝසම ශ්‍රි ලංකාව හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර කාළගුණ අංශ නිවේදනය කලේය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වසර පුරාවට සැලකිය යුතු කාලයක් වර්ෂාව ලැබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම මඟින් ලංකාවට වර්ෂාව පතිත වනවා. එලෙස පුරා මාස 5ක කාලයක් වර්ෂාව සක්‍රියව පවතින අතර එහි දී නිරිතදිග මෝසම පෝෂණය වීමට විශාල දායකත්වයක් දෙනු ලබන්නේ ඉන්දියන් සාගරය විසින්. මැයි මාසය වන විට අන්තර් නිවර්තන අභිසරණ කලාපය උතුරට ගමන් කරනවා. එම නිසාම එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට සුළං ධාරා හමා යාම සිදුවනවා. එහි දී සුළං ධාරාව ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටව යනවා. එම ක්‍රියාවලියේ දී ජලවාෂ්ප රැසක් ද සමග රට තුළට ඇතුල්වන වායු ධාරාව මධ්‍යම කඳුකරයේ හැපී ඉහළට ගමන් කිරීම නිසා ජල වාෂ්ප සිසිල් වී වළාකුළු නිර්මාණය වෙනවා. එසේ නිර්මාණය වන වළාකුළු මඟින් ඇතිවෙන වැසි නිරිතදිග මෝසම් වර්ෂාව ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම ක්‍රියාවලියේ දී රට තුළට ඇතුල්වන සුළං දහරාව තුළ විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් ඇත්තේ විශාල සාගර ප්‍රදේශයක් හරහා පැමිණෙන නිසා යි. එම නිසා නිරිතදිග මෝසම මඟින් ලංකාවට සැලකිය යුතු තරම් වර්ෂා ප්‍රමාණයක් ලැබෙනවා.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි දිනවලදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව ද එහි සදහන්ය..
දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් ඇතිවීම හේතුවෙන් කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ද ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල දී විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව එහි සඳහන්ය.
