යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවෙත්, ව්‍යාප්ත වන වඳුරු උණ වෛරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය..
වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පළමු වඳුරු උණ රෝගියා හමුවී ඇත්තේ මැසචුසෙට් ජනදයෙන් බවය.
එම රෝගියා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත්, සමාජයේ වඳුරු උණ ව්‍යාප්තියක් සිදු නොවන බවත්, රෝගියාගේ තත්ත්වය ද බරපතල නොවන බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලි කර තිබේ. හමුවුණු එම රෝගියා කැනඩාවේ ක්විබෙක් පළාතේ සංචාරයකනට ගොස් පැමිණි අයකු බව ද පැවැසෙයි.
මේ වනවිට ‘වඳුරු උණ’ වයිරස රෝගය පැතිරෙන රටවල් වන්නේ කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ‘වඳුරු උණ’ රෝගීන් ගණන 49 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය අප්‍රිකාවය. මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයක් ලෙස ‘වඳුරු උණ’ සැලකෙයි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමාන උණ රෝගී තත්ත්වයකි. මීට පෙර ද අවස්ථා කීපයකදී අප්‍රිකාවෙන් පිට රටවලින් ‘වඳුරු උණ’ රෝගීන් එක්කෙනා හෝ දෙදෙනා හෝ හමුවුවත්, මෙතරම් දරුණුවට වයිරස ව්‍යාප්තියක් සිදු නොවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වර්තමානයේ සිදුවන ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය වන්නේ ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. මෙම ප්‍රභේදය ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට මාරකය. මෙම වයිරසයේ මරණ අනුපාතය සියයට 10 කි.