ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වසරේ ප්‍රථම ඩෙංගු මරණය පෙරේදා (01) ගාල්ල, මාගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසීය
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.
උණ රෝගය උත්සන්න වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මෙම කාන්තාව එහිදී මිය ගොස් ඇතැයි අධ්යක්ෂ කාර්යාලය පැවසීය
මෙම මරණය පිළිබඳව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් මෙම කාන්තාව මියගොස් ඇති බව අනාවරණය වී ඇත
මෙම කාන්තාව පදිංචිව සිටි ප්‍රදේශය ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි ඩෙංගු අවදානම් කලාපයක් බවද බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පැවසීය