පොලොන්නරුව අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට යාමේදී එම බස් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මන්ද මානසික කාන්තාවක් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, බස් රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.
පොලොන්නරුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයක සේවය කරන සේවිකාවන් 12 දෙනෙකු සහ බස් රථයේ රියදුරු මෙම අනතුරෙන් තුවාල ලබා ඇත.