අක්මීමන දී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කරයි

ගාල්ල, අංකොක්කාවල ප්‍රදේශයේදී සැමියා විසින් අද (03) සවස බිරිඳට පිහියෙන් ඇන ගෙල කපා  ඝාතනය කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 32හැවිරිදි කාන්තාවකි. සැකකරු 36 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකු වන අතර ඝාතනයෙන් පසු ඔහු නිවසින් පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply