හබරාදුව හරුමල්ගොඩ ඛෙත්තාරාම විහාරස්ථානය අසල ලිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු අද (03) සවස ලිඳට වැටි ඇති බවත් 03 දෙනෙක් බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.
මෙම සිසුන් දිය නෑමට පැමිණ ලිං බැම්මේ වාඩිවි සිටියදි එක් වරම බැම්ම කඩාගෙන ලිඳට වැටි ඇති අතර සිද්ධිය දැනගත් ප්‍රදේශවාසින් පැමිණ තිදෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ඇතත් එක් අයෙකු සොයා ගැනිමට නොහැකිවි ඇත. පසුව ප්‍රදේශවාසින් එක්ව ලිඳ හිස්කර ලිංපතුලේ සිරවි සිටි ළමයා ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
හබරාදුව පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.