මිරිස්සෙන් ගිය ධීවරයා මුහුදට වැටී අතුරුදහන්

බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු බහුදින යාත්‍රාවෙන් මුහුදට වැටී අතුරුදහන් වී ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් අතුරුදහන්ව ඇත්තේ වැලිගම වල්ලිවල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි

ඔහු පෙබරවාරි 27 වැනිදා තවත් පිරිසක් සමඟ බහුදින යාත්‍රාවකින් මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ඉකුත් අප්‍රේල් 26 වනදා බහුදින යාත්‍රාවෙන් මුහුදට වැටී අතුරුදන් වී ඇති බව අම්බලන්ගොඩ රේඩියෝ පණිවිඩ මධ්‍යස්ථානයට තොරතුරු ලැබී තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිය විසින් වැලිගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

වැලිගම පොලිසිය සිද්ධිය පිළිබඳව නාවික හමුදාවටත්, ගාල්ල දක්ෂිණ නාවික විධානයටත්, මිනිස්ස වෙරළාරක්ෂක බලකායටත් දැනුම් දී තිබේ.

Werzuo Digital

Leave a Reply