අහංගම යතුරු පැදි අනතුරෙන් විදේශිකයා මරුට

විදේශිකයෙකු විසින් පදවාගෙන ගිය යතුරු පැදිය අහංගම ඉන්ධන පිරවුම්හල අසල බොක්කුවේ වැදි සිදුවු රිය අනතුරෙන්  විදේශිකයා මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයෙකු බවද පොලිසිය පවසයි.

මියගිය අය අහංගම නිවසක නතරව සිටි ඇති අතර ඔහු අද (29) අලුයම යතුරු පැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට යමින් සිටියදී අහංගම ඉන්ධන පිරවුම්හල අසල ඇති බෝක්කුවේ වැදි අනතුරට ලක්වි ඇති අතර පසුව අහංගම ග්‍රාමිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. 

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබින.

Werzuo Digital

Leave a Reply