ශ්‍රී ලංකාවට වහාම සහනාධාර ලබා දිමට තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජයේ අවසරය ඉල්ලයි

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ ලබාදීම සඳහා තමන්ට අවසර ලබාදෙන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය M.K ස්ටාලින් මහතා විසින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අද (29) ඒකමතිකව සම්මත වි තිබේ.

ශ්‍රී ලංකාවට සහල් ටොන් 40,000 ක්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ කිරිපිටි ටොන් 500 ක් යැවීමට අපේක්ෂා කරන බව ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත. පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා එම ද්‍රව්‍ය තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා මධ්‍යම රජයෙන් මෙලෙස අවසරය ඉල්ලා ඇත.

අසල්වැසි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා පැය ගණනක් පෝලිම්වල රැදීමට සිදුවීම වේදනාකාරි කරුණක් බවද තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර එලෙස ශ්‍රී ලංකාවට සහනාධාර යැවීම සඳහා තම මසක වැටුප පිරිනැමීමට ප්‍රාන්ත සභාවේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර තිබේ.

Werzuo Digital

Leave a Reply