ඇෆ්ගනිස්ථානයේ දැවැන්ත පිපිරීමකින් 50ක් මියගොස් විශාල පිරිසකට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර දේවස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු පමණ මියගොස් ඉතා විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

අද (29) දහවල් සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම් සිදුව ඇති බව එම වාර්තා සඳහන් කළේය. පිපිරීම සිදුවන අවස්ථාව වන විට දේවස්ථානයේ විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්ය.

සුන්නි මුස්ලිම් නිකායට අයත් මෙම දේවස්ථානයක සිකුරාදා යාඥාව අවසන් වීමත් සමග මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යැයි විශ්වාස කළ හැකි අයකු විසින් මෙම පිපිරීම සිදු කළ බව පල්ලිය ප්‍රධාන පූජකයා උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය

ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කුමන පාර්ශවයක් විසින් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවද ඇතැම් බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply