ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) ප්‍රකාශ කර ඇත.
කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහී තිබෙන බවත් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර ප්‍රධාන ප්‍රශ්න බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත