ඉන්දුනීසියාව ලබාදුන් ඩොලර් මිලියන 1.6 වටිනා ඖෂධ සහ උපකරණ තොගය කටුනායකට

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉන්දුනීසියානු රජය විසින් ඩොලර් මිලියන 1.6 (රුපියල් මිලියන 570) ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගය අද (28) සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය

රට පුරා රෝහල් වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ඖෂධ තොගය පැමිණ තිබුණි.

මෙම වෛද්‍ය ආධාර තොගය කිලෝග්‍රෑම් 3100 ක් බරකින් යුක්ත වන අතර මෙම වෛද්‍ය ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද තිබි ඇත.

මෙම වෛද්‍ය ආධාර තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා , ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය  නියෝජිත වෛද්‍ය අලාකා සිංග් මහත්මිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ

කටුනායකට පැමිණි ඖෂධ සහ උපකරණ තොගය
Werzuo Digital

Leave a Reply