හබරාදුව, උණවටුණ මුහුදු පතුල හා වෙරළ තිරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් ඊයේ (26) උණවටුණ වෙරළ තිරයේ දී පැවත්වින.
උණවටුණ වෙරළ තිරය ආශ්‍රිත මුහුදු පතුලේ තැන්පත්වි ඇති පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිම සදහා කිමිදුම් කණ්ඩායමක්ද යොදවා තිබු අතර මේ සදහා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 100 දෙනෙකු පමණ මෙම ශ්‍රමදානය සදහා එක්ව සිටියහ.
දකුණු මුහුදු තීරය තුළ පිහිටා තිබෙන උණවටුන වෙරළ තීරය ලංකාවේ දී හමුවන සුන්දරම වෙරළ තීරයකි. උණවටුන ලොව හොඳම නිවර්තන වෙරළ තීරය ලෙසින් නම් කරනු ලැබිය.