චීනයේ හෙනාන් පළාතෙන් පළමු වරට කුරුලු උණ වයිරස ආසාදිතයකු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට “H3N8” යනුවෙන් ද හැඳින්වෙන කුරුලු උණ වෛරස ආසාදිත තැනැත්තා අවුරුදු හතරක දරුවෙකි.
උණ රෝගය උත්සන්න වීමෙන් මෙම දරුවා රෝහල් ගත කර ඇති අතර, එහිදී ඔහුට කුරුලු උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මෙම දරුවා ගොවිපොලක වාසය කරන බවත්, ගොවිපොලේ කුකුළන්ගෙන් වෛරසය ඔහුට ආසාදනය වන්න ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා තිබෙන බව එම වාර්තා සදහන් කලේය.