ආණ්ඩුවට විරෝධය පළකරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව ප්‍රකාශ කර ඇත
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති 1000 වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර ඇත
අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු ආදී සෑම ක්‍ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
රෝහල්වල ද සේවකයන් ද සියයට 50ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වන නමුත් රෝහල් සේවා අඩාල නොවන අයුරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත