බන්ධනාගාර ගත රැඳවියන් සඳහා ආපනශාලා වෙත තැන්පත් කරන මුදල ඉහළ දමා තිබේ.
ප්රවාහන පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු හා භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන්ට නිරන්තරයෙන් නේවාසිකයන් බැලීමට පැමිණීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව සැකකරුවෙකුට සතියක් සඳහා අය කළ රුපියල් 2000 ක මුදල 3000 දක්වාත්, සිරකරුවෙකුට මසකට ආපනශාලාව වෙත තැන්පත් කරන මුදල රුපියල් 2000 සිට 3000 දක්වා ඉහළ නංවා තිබේ