කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිව්ල් සේවකයෙකු දුම්රියට බිලි

කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු කඳවුර ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදි අද (21) උදෑසන දුම්රියේ හැපි මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙයියන්දර ගම්මාදර පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද උදෑසන සේවයට පැමිණෙමින් සිටියදි ගුවන් හමුදා කඳවුර අසල හරස් මාර්ගයේදි යතුරු පැදිය අනාරක්ෂිත ලෙස ධාවනය කිරිම නිසා මාතර සිට ගාල්ල දක්වා ධාවනයවු කාර්යාල දුම්රියේ හැපි එම ස්ථානයේම මියගොස් ඇත.

මියගිය අයගේ මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබු අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

Werzuo Digital

Leave a Reply