යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගය මේ අභියෝගාත්මක අවස්ථාවේදී ද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව ආරක්ෂ්ක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වන උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් මාර්ගවල ගමන් කරන ජනතාවට අපහසු වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව පසුගිය දින කිහිපයේදී නිරීක්ෂාණය වු බවද හමුදාපතිවරයා පවසයි