කොස්ගොඩ ලඳු කැලෑවක හිසට වෙඩි තබා ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක්

හිසට වෙඩි තබා ඝාතනය කළ තරුණයෙකුගේ මළසිරුරක් කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය පාරේ ලඳු කැලෑවක තිබි අද (22) පෙරවරුවේ සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි..

මියගිය පුද්ගලයා බලපිටිය පාතේගම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බව මූලික මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොස්ගොඩ පොලිසිය විසින් සිදුකර ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply