බටදුව රබර් නිෂ්පාදන කම්හලක ජල ටැංකියකට වැටි පියා සහ පුතා මරුට

අක්මීමන, බටදුව පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ 09 හැවිරිදි පුතා අද (15) දහවල් මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අක්මිමණ තල්ගම්පල පදිංචි පිය පුතු දෙපලකි.

රාජකාරි අවශ්‍යතාවයක් සදහා ඔහු තම පුතා සමග උදැසන කම්හල් භුමියට ඇතුලු වුවත් දහවල් වනතුරුත් වනතුරුත් පිටතට නොපැමිණි නිසා ආරක්ෂක නිලධාරින් සොයා බැලිමේදි අසල පිහිටි වතුර ටැංකියේ පිය පුතු දෙදෙනො වැටි සිටියදි සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුව ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව කරාපිටිය රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.

මියගිය අයගේ මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර අක්මිමණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මධුරංග අරුමප්පෙරුම මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply