අවසරලත් පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පාර්ශවයකට බූලි හෝ කෑන්වලට තවදුරටත් පෙට්රල් සහ ඩීසල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇත..
කෘෂිකාර්මික කටයුතු සහ කර්මාන්ත සඳහා ඩීසල් අවශ්‍ය නම් ඒ සඳහා සකස් කර ඇති ක්‍රමවේදය හරහා කටයුතු කළ යුතු බව එහි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය 12 වැනිදා සිට ඊයේ (14) දක්වා කෑන් සහ බූලිවලට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකරන බව ඛනිජතෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
ඊයේ දිවයිනට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එසේම, පෙට්රල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිතව ඊයේ (14) දිවයිනට තවත් නෞකාවක් පැමිණ ඇති අතර, එහි පෙට්රල් ගොඩබෑම අද (15) සිදුකිරීමට නියමිතව ඇත.ඒ අනුව කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව සංස්ථාව පෙන්වා දි තිබේ.
නමුත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබූ ඊයේ මෙන් අදත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබූ අතර, විවෘතව පැවති පිරවුම්හල් වල දිගු පෝලිම් දක්නට ලැබේ..
