ගෑස් නිෂ්පාදන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනයට අවශ්‍ය ඩොලර් මිලියන 10 ක් ලබා ගැනීමට හැකිවූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.ඒ යටතේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8,500 ක් මෙරටට ලැබීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
කෙසේ වෙතත්, ලෝක වෙළඳපොලේ මිල ඉහළ යද්දී මෙරට ගෑස් මිල ප්‍රමාණවත් ලෙස මිල ඉහළ නොදැමීම සහ පසුගිය මාස 2 තුල ප්‍රමාණවත් පරිදි ණයවර ලිපි නිකුත් නොකිරීම මෙන්ම උත්සව සමයේ ඉල්ලුම වැඩි වීම යන හේතුන් මත මේ වන විට ගෑස් තොග සියල්ල අවසන් වී ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් සමාගමට රුපියල් මිලියන 2600 ක අලාභයක් සිදුව ඇති බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ..
එවන් තත්වයක් තුළ ගෑස් බෙදාහැරීම නවතා දැමුණු ඊයේ දින දක්වා මෙම මාසයේ ගතවූ දින 13 තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8 වෙළඳපොලට නිකුත් කර තිබේ..