මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ගිණිකෙලි අනතුරුවල ශීඝ්ර පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තාවේ.
ගත වූ පැය 24 තුල ගිනිකෙළි අනතුරු හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ රෝගියෙකු පමණක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්රකාශිකාවක් සඳහන් කළේ.
මීට අමතරව, එම කාලසීමාව තුල මහාමාර්ග අනතුරු 38 ක්, නිවසේ සිදුවූ අනතුරු 20 ක්, වැටීම් ආශ්රිත අනතුරු 45 ක්, තවත් අනතුරු හේතුවෙන් 27 දෙනෙකු ප්රතිකාර ගැනීම සඳහා ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ