බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (16) යතුරු පැදියක් දුම්රියේ ගැටී එහි ගමන්ගත් පියා සහ පුතා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පියපුතු දෙපළක් බවද පොලිසිය පවසයි.
අවුරුද්දට සිය ඥාතියෙකුගේ නිවසට යතුරු පැදියෙන් ගොස් ආපසු එමින් සිටියදී කොළඹ සිට මාතර බලා එමින් සිටි දුම්රියක මේ දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගැටී ඇති බවද පොලිසිය පවසයි.
පියාගේ සහ පුතාගේ මෘත ශරීර බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත