දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම ආසන්නඋ 57/2 කණුව අසළදී අද (12) අළුයම සිදුවූ රිය අනතුරකින් රථයේ සිටි සහායකයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය පදිංචි පුද්ගලයෙකි. අනතුරෙන් තුවාල ලැබූ රියදුරා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මියගිය ලොරි සහායකයාගේ සිරුර ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
හිස් බියර් බෝතල් රැගෙන මාතර සිට කොළඹ දෙසට යමින් තිබූ මෙම රථයේ රියදුරාට නින්දයාමෙන් වාහනය පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහතැප්ම පිවිසුමේ පිහිටි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.