ගල්කිරියාගම, නෑගම්පහ, මානේරුව වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයකු කිඹුලෙකුට බිලිව ඇතැයි පොලිසිය පවසයි.
මෙම දරුවාගේ මෘත දේහය අද (12) උදෑසන වැවේ තිබී හමු වූ බව ද පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
තවත් කුඩා දරුවන් දෙදෙනකු සමග මෙම සිසුවා ඊයේ (11) පස්වරුවේ වැවේ දිය නෑමට ගොස් ඇත. අනෙක් කුඩා දරුවන් දෙදෙනා දිය නා අවසන්ව ගොඩට වී සිටින විට මියගිය දරුවා තනිව වතුරේ නාමින් සිටියදී කකුලෙන් අදින බවට කෑගසා තිබේ . ඒ සමගම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇතැයි පැවසේ..