මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ විහිදු ලොතරැයි අලෙවිකරුගේ අවංකකම

පුරුද්දට ලොතරැයි ගන්නට හුරුව සිටි බුලත්සිංහල පදිංචි අමරදාස ලියනගේ මහතා නගරයේ ලොතරැයි කූඩුව අසලට ගියේ තම ගොවිසෙත ටිකට්පතට ඇදී තිබුණු රුපියල් 40 වෙනුවෙන් තවත් ටිකට් පත් දෙකක් ගැනීමටය.

ටිකට්පත් දෙකගත් ඔහු එතැනින් යන්නට ගියේය.

පසුව එම ගොවිසෙත ටිකට් පත නිකමට මෙන් පරීක්ෂා කළ සහායක අලෙවිකරු හෙළි කරගත්තේ එම ටිකට් පතට රු. 40ක් නොව ලක්ෂයක දිනුමක් ඇති බවයි. පසුව සහායක අලෙවිකරු සිය ප්‍රධානියාට සිද්ධිය හෙළි කළේය.

“අපට මේ රුපියල් ලක්ෂය වංචා කරලා කෑවොත්, ශාප වෙනවා. දරු මල්ලන්ට ගින්දර දෙන්න නරකයි. ලක්ෂපති වාසනාවන්තයා සොයා ගෙන මුදල් දෙමු”

මෙසේ කතිකා කරගනිමින් ඔහු පිළිබඳව සෙවීය. නගරයේ තිබු CCTV කැමරා පරීක්ෂා කළේය. මෙසේ සිටියදී සති දෙකකට පසු එම ලක්ෂපතියා හමුවිය.ඒ යළි ලොතරැයි පත් අලෙවි කූඩුවට පැමිණි අවස්ථාවකය.

“ආ අපි ඔයාව සොයමින් සිටියේ. අර රුපියල් 40ක් තියෙනවා කීව ගොවිසෙත පතේ රු. ලක්ෂයක ජයක් තිබුණා” යැයි කියමින් රුපියල් ලක්ෂයේ මුදල ප්‍රදානය කළේය.

මෙම ලක්ෂපතියා ගොවියෙකි. ලොතරැයි අලෙවිකරු ලලන්ත කුමාර මහතා විසින් රුපියල් ලක්ෂයක වාසනාව ඔහුට ලබා දෙනු ලැබිය

මව්බිම

Werzuo Digital

Leave a Reply