ඉන්ධන රැස්කර නිතී විරෝධීව විකුණු පුද්ගලයන් 68 අත් අඩංගුවට

ඉන්ධන රැස්කර බලපත්‍ර නොමැතිව අධික මිල ගණන්වලට විකුණා ජාවාරම් කරන ලද පුද්ගලයන් 68 කු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එම සැකකරුවන් බාරයේ තිබූ පෙට්රල් ඉන්ධන ලිටර් 8025 ක් ඩීසල් ඉන්දන ඉන්ධන ලීටර් 726 ක් පොලිසිය භාරයට ගෙන ඇත

වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මධ්‍යම පළාතෙන් බවත් වැඩිම ඉන්ධන තොගයක් අත් අඩංගුවට ගැනුණේ වයඹ පළාතෙන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැටලීම් සිදුකරන බවත් 1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත, හා 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදනය පාලනය සැපයීම නියාමන පනත, 1887 අංක 6 දරන ඛනිජ තෙල් ආඥා පනත ආදී පනත් යටතේ ලැබී තිබෙන නෛතික තත්වය යටතේ පොලිසිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම වැටලීම සිදුකරන බවත් හෙට සිට වැටලීම් වැඩි කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

Werzuo Digital

Leave a Reply