ජලවිදුලි නිෂ්පාදනය ඉහළට

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් තිබෙන හෙයින් ජලවිදුලි නිෂ්පාදනය සියයට 31 දක්වා ඉහළ නැංවු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

බලාගාරය ආශ්‍රිත ජලාශවලට ඇදහැළෙන අධික වාර්ෂාව හේතුවෙන් ඒවායේ ජල මට්ටම අධික ලෙස ඉහළ යමින් තිබෙන බව ද එම මණ්ඩලය පවසයි.

පසුගිය දිනවල ජලමට්ටම ඉතාම අඩුවී තිබූ හෙයින් ජලවිදුලි ජනනය සියයට 7ක් පමණ දක්වා ඉතා අඩු මට්ටමකට පත්ව තිබිණි.

කෙසේ වෙතත් ඉදිරියේදී ජලවිදුලි ජනනය සියයට 50ක් පමණ දක්වා ඉහළ නංවා ගතහැකිවනු ඇතැයි අපෙක්ෂා කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි

Werzuo Digital

Leave a Reply