මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවතින බව වාර්තාවේ..

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙන බවද එම වාර්තා සදහන් කලේය.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රිය වි ඇති බවද වාර්තාවේ.

මේ අතර දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදීත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනගිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Werzuo Digital

Leave a Reply