බරපතළ ඖෂධ අර්බුදයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

මෙම ඖෂධ හිඟයට ක්ෂණික පිළියම් නොයෙදුවහොත් රෝගීන්ට ඖෂධ නොමැතිවීමෙන් රෝගීන් අකාලයේ මිය යෑම වළක්වා ගත නොහැකිය මේ නිසා දැනට මහජනතාවගේ සටන්පාඨ අතරට ගෑස් හිඟය ඉන්ධන හිඟය, යන්න සමගම ඖෂධ හිඟය ද මග හරවා ගත යුතුය යන්න එක් කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ සභාපතිවෛද්‍ය චින්තක අතුකෝරාල මහතා පවසා සිටියේ පෙරේදා (07) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව අතරතුර විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඉටිපන්දම් පහන් එළි මධ්‍යයේ පැවැත්විණි.

වෛද්‍ය චින්තක අතුකෝරාල මෙසේද පැවසීය

“නිදහසින් පසු මේ රටේ විවිධ අර්බුද පැවතියා.නමුත් ඒවා අතරෙදි සෞඛ්‍ය සේවාව යහපත් අන්දමින් පවත්වාගෙන යාම සඳහා කටයුතු සැලසුවා.එයින් සෞඛ්‍ය සේවාවට බාධාවක් වූයේ නැහැ.නමුත් දැන් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අන්දමට සෞඛ්‍ය සේවාවේ කඩා වැටීමක් සිදු වී තිබෙනවා.මෙම තත්ත්වයට වහා විසඳුම් ලබා දිය යුතුයි.”

“දැනටමත් රජය රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ නැහැ. පපුවේ අමාරුවක් තිබේදැයි සොයා බැලීම සඳහා කෙරෙනපරීක්ෂණ සඳහා ඊසීජී පටි නැහැ.නිර්වින්දන ඖෂධ නැහැ.වෙනත් අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ රජයේ රෝහල්වල නැහැ. වෛද්‍ය රසායනාගාර වලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යයන් නැහැ.මේ නිසා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබෙනවා යයිද” වෛද්‍ය චින්තක අතුකෝරාල තවදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සාකච්ඡාවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා සාමාජික වෛද්‍ය කමල් කොඩිකාර මහතා මෙසේ පැවසීය.

“දැන් රෝගීන්ට මරණ  වරෙන්තුව නිකුත් වෙලයි තිබෙන්නේ.මෙම ඩොලර් අර්බුදය හේතුවෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ,නිර්වින්දන ඖෂධ,ශල්‍ය උපකරණ යනාදිය ආනයනය නොකිරීමෙන් සපයා ගැනීම ඉතා දුෂ්කර වී තිබෙනවා”

මෙම මාධ්‍ය හමුව අමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ල් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ. සම ලේකම් වෛද්‍ය ප්‍රගීත් ජය වික්‍රම යන මහත්වරුද අදහස් දැක්වීය.මෙම මාධ්‍ය හමුව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛාවල නියෝජිතයන් එක්ව සිටියහ.

Werzuo Digital

Leave a Reply