පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පකිස්ථාන ජාතික සභාවේදී පැවති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසුමෙන් පරාජයට පත්වු බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය…
විශ්වාසභංගයකින් ඉවත් වූ පළමු පාකිස්තාන අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසගත වන අතර ෂෙබාස් ෂරීෆ් පාකිස්තානයේ මීළඟ අගමැති වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද එම වාර්තා සදහන් කලේය
මධ්‍යම රාත්‍රියේ පැවති විශ්වාසභංගයෙන් පරාජය වීමෙන් ඉම්රාන් ඛාන් රජය බිඳ වැටුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කථානායකවරයා ද ඉල්ලා අස්විය.
ආසන 342කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඡන්ද 172කින් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 174 දෙනෙකුගේ සහය හිමි විය.
ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වුනේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින ලෙසත් ඉම්රාන් සහෝදර මන්ත්‍රීවරුන්ට පවසා තිබින.
කෙසේ නමුත් ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, තමන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්දය ලබා දෙන බවය. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජයට පත් විය.