ගිංතොට මහ විදුහල ඉදිරිපිට පදික මාරුවේදි රිය අනතුරකින් සිසුවියට බරපතළ තුවාල

ගිංතොට මහ විදුහල ඉදිරිපිට පදික මාරුවේදි යතුරු පැදියක හැපි සිසුවියක් බරපතල තුවාල ලබා දවල් (31) දහවල් කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ගිංතොට මහ විදුහලේ 11වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියෙකි.

සිසුවිය පදික මාරුවෙන් ගමන් කරමින් සිටියදි වේගයෙන් පැමිණි යතුරු පැදියට වේගය පාලනය කර ගැනිමට නොහැකිවිම නිසා සිසුවිය හැපි ඇති අතර යතුරු පැදිකරුද තුවාල ලබා කරාපිටිය රොහ්ලට ඇතුලත් කර ඇත.

ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply