නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණි, ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.
ඊයේ (31) රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට, ජීප් රථයක හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.
විරෝධතා අතරතුර සිවිල් පුද්ගලයන් 17 දෙනෙකු, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 3 දෙනෙකු ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ
