බූස්ස දැව සංස්ථාව ඉදිරිපිටදි සිදුවු රිය අනතුරකින් කරාපිටිය වෛද්‍ය පිඨයේ සිසුවෙකු මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා ඊයේ (30) රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත්කල බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බොරලැස්ගමුව මාලනි බුලත්සංහල මාවත පදිංචි කරාපිටිය වෛද්‍ය පිඨයේ වෛද්‍ය සිසුවෙකි.
මියගිය සිසුවා තවත් වෛද්‍ය සිසුවෙකු සමග යතුරු පැදියෙන් කොළඹ දෙස සිට ගාල්ල දෙසට එමින් සිටියදි බුස්ස දැව සංස්ථාව ඉදිරිපිටදි පිටු පසින් පැමිණි ත්‍රි රෝද රථයක හැපි ඇති අතර අනතුරෙන් පසු ත්‍රි රෝද රථය පලාගොස් ඇත.
අනතුරට සම්බන්ධ ත්‍රි රෝද රථය අත් අඩංගුවට ගැනිම සඳහා රත්ගම පොලිසිය විසින් පුළුල් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.