ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ වෙළඳ සලකට පැමිණි යුක්රේන ජාතිකයෙකු වෙළඳ සලට පහරදි අලාභ හානි කර ඇති බවත් එම අවස්ථාවේ එහි සිටි පිරිස පහරදිම නිසා තුවාල ලැබු යුක්රේන ජාතිකයා පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි.
බිමත්ව ඊයේ (30) රාත්‍රියේ වෙළඳ සලට පැමිණ ඇති විදේශිකයා මුදල් නොමැතිව නෙස් කැෆේ එකක් ඉල්ලා ඇත.එම අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණ ඇති පුද්ගලයෙකු මුදල් නොමැතිව ඒවා දිය නොහැකි බව පැවසිමත් සමග විදේශිකයා එම පුද්ගලයාට පහරදි වෙළඳසල ඉදිරිපිට තිබු හිස් බිම බෝතල් තොගයක් කුඩුකර වෙළඳ සලටද පහරදි ඇත. පසුව අවට සිටි පිරිස විසින් විදේශිකයාට පහරදිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් සංචාරක පොලිසියටද දන්වා ඇති බවය…