වැලිමඩ කැප්පෙටිපොළ කැප්පෙටිපොළ ප්‍රදේශයේ නිවසක 29 වන දා රාත්‍රියේ ජෙනරේටරයක් පිපිරී යෑම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි
රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම නිවසට ජෙනරේටරයක් මගින් විදුලිය බලය ලබාගෙන ඇති අතර මෙම ජෙනරේටර නිවසේ කාමරයක තිබී ඇත.
එක්වරම ජෙනරේටරය නැවතී තිබෙන අතර ඒ ගැන විපරම් කිරීමට නිවසේ සිටි කාන්තාව ගොස් ඇති අතර ඇගේ දරුවන් දෙදෙනාද ජෙනරේටර් අසලට ගොස් තිබේ. එත් සමගම විශාල ශබ්දයක් ද සමඟින් ජෙනරේටරය පුපුරා ගොස් ඇති බව මේ වනවිට සිදු කර ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ නව හැවිරිදි හා පස් හැවිරිදි දරුවන් දෙදෙනාය
පිපිරීමත් සමඟ ගින්නක් ද හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ ගින්න හේතුවෙන් නිවසට ද දැඩි අලාභ හානි සිදුව තිබේ
ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබුවන් වහා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය විමර්ශන සිදු කරයි
දිවයින