විදුලිය නැති අතරේ දුරකථන ඇමතුමක් ගන්න කොන්ක්‍රීට් ස්ලැබ් එකට නැගී සිසුවා ඇද වැටී මරුට

බෙරලපනාතර පුහුල්හෙනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ කොන්ක්‍රීට් එකෙන් ඇද වැටී මිය ගොස් ඇති බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 2023 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බෙරලපනාතර මහා විද්‍යාලය 10 ශ්‍රේණියේ අධ්‍යාපන ලැබු 16 හැවිරිදි සිසුවෙකි.

පෙරේදා (29) රාත්‍රී 7.45 – 8.00 අතර කාලයේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ පාසල් සිසුවා දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා නිවසේ වහලය වෙනුවට දමා ඇති කොන්ක්‍රීට් (ස්ලැබ්) එක උඩට නැග ඇති අතර දුරකථන සංඥා අඩුවීම නිසා එහා මෙහා වීමේදී කොන්ක්‍රීට් තට්ටුවෙන් බිමට ඇද වැටී ඇත.

බිමට ඇද වැටී තුවාල ලබා සිටි පාසල් සිසුවා දෙනියාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව මාතර මහරෝහලට මාරුකර යවා ඇති බවත් ඒ යන අතරතුර අසාධ්‍ය වීම හේතුවෙන් මොරවක කොස්නිල්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය පාසල් සිසුවාගේ ස්ථානිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි 

දිවයින

Werzuo Digital

Leave a Reply