විදුලියට ජලය තවත් සතියයි ?

වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සිඝ්‍ර ලෙස අඩුවීම නිසා ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් දින 07ක කාලයක් පමණක් බව විදුලි බල මණ්ඩලය පවසයි.

අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා නොදීම නිසා තවදුරටත් විදුලි උත්පාදනයට බාධා මතුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 7.7 ක් වන අතර, සමනළ වැව ජලාශයේ ජල මට්ටම පවතින්නේ 11.4 ක්. කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල ජල මට්ටම ද සියයට 30 ටත් වඩා අඩුවී තිබේ.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර , ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් වර්ෂාපතනයක් මැයි මාසය දක්වා නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply