ශල්‍ය කර්මවලදි රෝගින් නිර්වින්දය කිරිම සඳහා භාවිතා කරනු ලබන ඖෂධයක් නොමැතිවිම නිසා රොහලේ හදිසි නොවන ශල්‍යකර්ම සියල්ලම නතර කිරිමට පියවර ගන්නා ලෙස සියලුම නිර්වින්ද වෛද්‍යවරුන්ට අද (29) උදේ ලිඛිතව දන්වා යවනු ලැබුවත් සවස් වනවිට ඖෂධ ප්‍රමාණ ලැබුන බව කරාපිටිය රෝහල් බලධාරීන් පැවසිය..
ශල්‍ය කර්මවලදි රෝගින් නිර්වින්දනය කිරිම සඳහා භාවිතා කරනු ලබන NEOSTIGMIN නමැති ඖෂධය ප්‍රමාණවත් තරම් නොමැතිවිම හේතුවෙන් එම ඖෂධ තොග අවශ්‍ය ප්‍රමාණයට නැවත ලැබෙනතුරු හදිසි නොවන ශල්‍ය කර්ම සියල්ලම නතර කිරිමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මෙසේ උපදෙස් දි තිබින.
මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවත් සාමාන්‍ය පරිදි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන ලබන බවද රෝහල් බලධාරීන් පැවසීය