විදී සුනඛයෙකුට අමානුෂික ලෙස පහරදී මරණයට පත් කළ බව කියන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් සී ඒ ධර්මතිලක මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ රත්මලාන පදිංචි පුද්ගලයෙකි.
රත්මලාන ඇපල්වත්ත ප්‍රදේශයේ දී ඉකුත් 20 වැනිදා අලුයම් කාලයේ දී වයස අවුරුදු තුනක් පමණ වන වීදි සුනඛයකු එම ප්‍රදේශයේ බල්ලන් සමග පොරකමින් සිටි අවස්ථාවක එය බේරීමට ගිය පුද්ගලයකු සුනඛයකු විසින් සපා කෑමට තැත් කිරීමේ හේතුවෙන් ඔහුගේ පුත්‍රයා විසින් එම සුනඛයා සිහිසුන්ව ඇද වැටෙන තෙක් පොල්ලකින් පහර දී ඇති බවත් අධිකරණයේදී හෙළි විය.
සුනඛයා සප්ත රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් මියගොස් සිට ඇති බවට කරුණු අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. නැවත මෙම නඩුව මේ මැයි 5 වැනිදා කැඳවීමට නියමිතය
ලංකාදීප