විදේශිකයාගේ යතුරුපැදියේ ගැටුණු පාසල් සිසුවා රෝහලට 

රත්ගම, බුස්ස පන්සල් හන්දියේදි විදේශිකයෙකු විසින් පදවා ගෙන ගිය යතුරු පැදියක හැපි පාසල් සිසුවෙකු ඊයේ (29) සවස තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව  රත්ගම පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ බූස්ස රුපිවල පදිංචි 15 හැවිරිදි සිසුවෙකි. සිසුවා පන්සල් හන්දියේ පදික මාරුවේ ගමන් කරමින් සිටියදි හික්කඩුව සිට ගාල්ල දෙසට ධාවනයවු යතුරු පැදියේ හැපි ඇත.

අනතුරට සම්බන්ධ යතුරු පැදිකරු වන ස්විට්සර්ලන්ත ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇති අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply