ගාලු කොටුවේ සංරක්ෂණය කළ යුද අට්ටාල විවෘත කල බවට මාධ්‍ය වාර්තා – තවමත් විවෘත කර නොමැති බව ජනතාව පවසයි

දීර්ඝ කාලයක් තිස්සේ මහ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුධ අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කලත් එය තවමත් විවෘත කර නොමැති බව ජනතාව පවසයි.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කාර්යාලයෙන් විමසුවිට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඒවා ප්‍රතිසංස්කරණය කර තමන්ට බාරදුන් නමුත් දැනට එහි නඩත්තු කටයුතු පමණක් සිදුකරන නිසා ජනතාවට විවෘත කර නොමැති බවය.

ඉදිරියේදී ඒවා නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා ගාලු උරුමය පදනමට ලබා දීමට නියමිත බව ද එම නිලධාරියා පැවසීය.

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමෙන් විමසීමේ දී ඔවුන් කියා සිටියේ ප්‍රතිසංස්කරණය කරනු ලබන යුද අට්ටාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමන්ට බාර දුන් පසු ඒවා ජනතාවට නැරඹීමට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙම වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා යුධ සැලසුම් උපක්‍රමවලට අනුව ලන්දේසින් විසින් පොළව මට්ටමේ ඉදිකළ විශාල ආරක්ෂිත බංකර තුළ ගොඩනගා ඇත..

Werzuo Digital

Leave a Reply