පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි…
සෑම වසරකම මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ හිරු මුදුන් වීම හේතුවෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 33ත් දක්වා වැඩි වන අතර උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් මෙම තත්වය මඟහරවා ගැනීමට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන ලෙසත් දිනකට දෙවරක් ස්නානය කරන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය..