හලාවත මැදවත්ත මුහුදු වෙරළේ සාදයක් අතරතුර දිය නෑමට ගිය දෙදෙනකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය පවසයි.
නව දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර මුහුදේ ගිලි සිටියදි ඒ අවට සිටි ධීවරයන් පිරිසක් බේරාගත් අයකු හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පිරිස දුම්මලසූරිය කාර්මාන්ත පුරයේ සිට මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර නානුඔය පදිංචි සිවු දරු පියවරුන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.