අවමංගල උත්සවයකට අකුණු සැර වැදී 25ක් රෝහලට

මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගීවී සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදී සිදුවූ අනතුරකින් 25 දෙනෙකුට ආසන්න පිරිසක් රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසිය පවසයි

මියගිය කාන්තවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකට පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණ වැදි ඇති අතර ඒ අවස්ථාවේ සුසාන භූමියේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසයි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Werzuo Digital

Leave a Reply