ශ්‍රි ලංකාවේ පලමුවරට විශ්වාස භංග යෝජනාවක් මගින් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉවතට 

සිමා සහිත ගාලු ගඟබඩ පත්තුව දකුණ කුඩා තේ වතු හිමියන්ගේ සමුපකාර සමිතියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් කර තිබු විශ්වාස භංග යෝජනාවක් සමිතියේ සාමාජිකයින්ගේ ඡන්දයෙන්  ජයග්‍රහණය කිරිම නිසා එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවට සමිතියේ නිලධාරින් තිදෙනෙකු පසුගිය (24) වනදා සිට පත්කල බව දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ටී.ජී.සරත් කුමාර මහතා පැවසිය.

එයට අමතරව විශ්වාස භංගයෙන් පරාජයට පත්වු හිටපු අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයින්ට වසර පහක් යනතුරු නැවත අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය නොහැකි බවද ඒ මහතා කිය.

සමුපකාර සමිතියේ සාමාජිකයෙකු විසින් මෙම විශ්වාස භංගය ඉදිරිපත් කර තිබින.

විශ්වාස භංගය පිළිබඳ ඡන්ද විමසිම දකුණු පළාත් සමුපකාර සංවර්ධණ සහකාර කොමසාරිස්වරියඇතුලු නිලධාරි මණ්ඩලයක් ඉදිරියේ පැවැත්වින.එහිදි විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 108ක් ලැබින.ඒ අනුව ව්‍යවස්ථාව යටතේ විශ්වාස භංගය ජයග්‍රහණය කල බවට තිරණය කල දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට වසර පහක් යනතුරු නැවත අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය නොහැකි බවටද ප්‍රකාශයට පත් කලේය.

විශ්වාස භංග යෝජනාවක් මගින් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉවත්කල පළමු අවස්ථාවද මෙය බවට වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply