ගෑස් ඉල්ලා කටුගොඩදී පාර වසා විරෝධතාවයක් (VIDEO)

ගෑස් ලබා ගැනිමට ගාල්ල කටුගොඩ ගැස් අලෙවි සලකට අද (19) දවල් පැමිණි විශාල පිරිසක් විරෝධතාවයේ යෙදිම නිසා මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණියේය

මෙම අලෙවිසලට අද ගෑස් රැගෙන එන බවට ලැබුන ආරංච්යක් අනුව උදෑසන සිට විශාල පිරිසක් ගෑස් සිලින්ඩරද රැගෙන පැමිණ පෝලිමේ සිටියත් ගැස් ලබා ගැනිමට නොහැකිවිම නිසා ජනතාව මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණය කිරිමට පටන් ගැනිම නිසා ගමනා ගමනයට බාධා එල්ලවිය.

තත්වය පාලනය කිරිමට වරාය පොලිසිය සහ ගාල්ල පොලිස් අධිකාරිවරයාද අමතර පොලිස් කණ්ඩායමක් සමග පැමිණ මාර්ගයේ එක් මං තිරුවක් විවෘත කර රථවාහන ගමනාගමනයට ඉඩ ලබාදුන්නේය

විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක්
Werzuo Digital

Leave a Reply